What Is The CDN ?

 

CDN කියන අකුරු තුනේ තේරුම තමා Content Delivery Network කියන එක. ඒ කියන්නෙ වේගයෙන් විවිධ content එක් එක් users ලට ලබාදීමට යොදාගන්න භූගෝලීයව එක් එක් ස්ථාන වල තියෙන server එකතුවක් කියන එකයි. HTML files, JavaScript files, stylesheets, images සහ videos ඇතුලු අන්තර්ජාලයේ විවිධ contents වේගයෙන් transfer කරල වේගයෙන් load කරන්නත් මේ CDN භාවිතා කරනවා. CDN වල ජනප්‍රියත්වය වේගයෙන් වැඩි වෙන කාලයක් මේක, ඒ වගේම වර්තමානයේ internet traffic එකෙන් වැඩි කොටසකට දායකත්වය ලබාදෙන්නෙත් මේ CDN තමා. Amazon, Facebook සහ Netflix වගේ විශාල වෙබ් අඩවි තමන්ගෙ users ලට වඩා හොඳ experience එකක් ලබාදෙන්න දැන් විශාල වශයෙන් CDN භාවිතා කරන්න පටන් ඇරන් තියනවා.

CDN එකක් වැඩ කරන්නෙ කොහොමද?

සරලව කීවොත් CDN එකක් කියන්නෙ එකිනෙකට සම්බන්ධ වුන servers එකතුවක්, මේවගෙන් බලාපොරොත්තු වෙන්නෙ අවශ්‍ය content එක වේගයෙන්, විශ්වාසනීය ලෙස, ආරක්ශාකාරීව අවශ්‍ය තැනට යොමු කිරීමයි. මේ CDN තමන්ගෙ servers විශේෂ තැන් වල පිහිටුවනවා, ඒ තමා Internet exchange points (IXPs). IXP කියන්නෙ එක එක ISP ල තමන්ගෙ network එක primary network එකට සම්බන්ධ කරන ස්ථානය. ඉතින් මේ වගේ අධිවේගී සහ එකට සම්බන්ධ connections තියන තැනට ලඟින් මෙහෙම CDN servers යෙදවීමෙන් අඩු වියදමකින් අවශ්‍ය දත්ත ඉතා වේගයෙන් බෙදාහරින්න මේවට හැකියාව ලැබෙනවා.

CDN servers ලෝකය පුරා හරිම තැන වල යොදවලයි තියෙන්නෙ. මේ හින්ඳ උපරිම කාර්‍යක්ෂමතාවෙන් මේවට වැඩ කරන්න හැකියාව ලැබිල තියනවා. ඒ වගේම මේවට ඉතා හොඳ ආරක්ෂාවක් වගේම විවිධ failures වලටත් මුහුණ දෙන්න පුළුවන් විදිහට තමා මේව design කරල තියෙන්නෙ.

CDN සහ Web host දෙකම එකයිද?

CDN සාමාන්‍යයෙන් content host කරල තියාගන්නෙ නෑ, ඒ නිසා සාමාන්‍ය web host වෙනුවට CDN පාවිච්චි කිරීම ප්‍රායෝගික නෑ. ඒ වෙනුවට web host එකේ තියන content cache කරන්න CDN යොදාගන්න පුළුවන්. මේක වෙබ් අඩවියක performance වැඩි කරගන්න පුලුවන් ඉතා හොඳ ක්‍රමයක්. සාම්ප්‍රදායික web host භාවිතා කරද්දි එන ප්‍රශ්න විසඳගන්න වර්තමානයේ හුඟක් වෙබ් අඩවි CDN යොදා ගන්නෙත් මේ හේතුව නිසයි.

CDN එකක් පාවිච්චි කිරීමේ වාසි මොනවද?

CDN එකක් පාවිච්චි කිරීමේ වාසි එක් එක් අවස්ථාවට වෙනස් උනත් ප්‍රධාන වශයෙන් කොටස් 4ක් දක්වන්න පුළුවන්.

  • වෙබ් අඩවියේ loading speed එක වැඩි වීම – users ලට ලඟම CDN Server එකට අවශ්‍ය contents බෙදා හැරීමෙන් වඩා හොඳ loading speed එකක් අත්විඳින්න හැකියාව ලැබෙනවා. User කෙනෙක් slow loading speed එකක් තියන වෙබ් අඩවියකින් අයින් වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඉතින් මේ වගේ CDN එකක් පාවිච්චි කිරීමෙන් වෙබ් අඩවියකට එන traffic එකට හොඳ experience එකක් ලබාදෙන්න හැකියාව ලැබෙනවා.
  • Bandwidth මිල අඩුවීම – Web host වල bandwidth එකට යන වියදම වෙබ් අඩවියක් පවත්වාගෙන යාමෙදි ඇතිවන ප්‍රධාන ප්‍රශ්නයක්. CDN භාවිතයෙන් වෙබ් අඩවිය cache කිරීමෙන් ප්‍රධාන server එකෙන් ගන්න අවශ්‍ය bandwidth එක අඩු කරන්න පුළුවන්, ඒක Web host එකට ගෙවන්න වෙන මිලත් අඩු වෙන්න හේතුවක්.
  • වෙබ් අඩවියේ විශ්වාසනීයත්වය වැඩි වීම – එක පාරට විශාල වශයෙන් එන traffic එකක් normal web server එකකට handle කරන්න අමාරුයි. නමුත් load balancing කරපු CDN server කිහිපයකට මේ එන traffic එක බෙදාගෙන අවශ්‍ය ආකාරයට traffic එක handle කරන්න පුළුවන්. ඒ වගේම main server එකේ hardware ප්‍රශ්නයක් ආවොත් CDN වල තියන cache නිසා වෙබ් අඩවිය down නොවී තියාගන්න පුළුවන්.
  • වෙබ් අඩවියේ ආරක්ෂාව වැඩි වීම – CDN සේවාවකට DDoS වගේ ප්‍රාහාර වලින් ආරක්ෂාවක් සලසන්න පුළුවන්. ඒ වගේම SSL වගේ security certificates වලත් තත්වය වැඩි දියුණු කරන්න CDN වලට පුළුවන්.
  •  
Tags

Top Post Ad

Below Post Ad