Twitter සඳහා third-party sign-up එකක් ලෙස google සහ Apple හඳුන්වාදෙයි.

පසුගිය මාසයේ සිට බීටා විශේෂාංගයක් වශයෙන් twitter සමාගම විසින් twitter සදහා third-party sign-up පහසුකමක් අත්හදා බැලිමෙන් පසුව, iOS හා Android සඳහා වු twitter සදහා apple හෝ google සමඟ Signup වී නව twitter ගිනුමක් නිර්මාණය කිරීමට මෙන්ම google account එකක් හෝ apple ID එකක් මගින් Login වීම සඳහා මේ වනවිට නිල වශයෙන් twitter සමාගම සහාය ලබා දී තිබෙනවා.


තම twitter ගිණුමට ප්‍රවේශ වීම සඳහා අමතර Sign-up  වීමේ ක්‍රම දෙකක් ලෙස මේ වනවිට හදුන්වා දී ඇති බව Twitter Support නිල Twitter ගිණුම හරහා සඳහන් කර තිබෙනවා. නව twitter ගිණුම් නිර්මාණය කරගැනිම සඳහා මෙම සේවා දෙකම ඉතා පහසුවෙන් භාවිතා කිරීමට ද හැකියාව ලැබෙනවා.නමුත් ඇපල් Mac පරිගණක සදහා මෙම third-party sign-up වීම හරහා signup වීමට තවමත් සහය නොදක්වයි. apple ID එකක් මගින් ඔබ ගිනුමක් සාදා අවසන් වු පසු නැවත එහි මුරපදය වෙනස් කිරීමෙ ගැටලුවක් ද පවතින අතර google හරහා sign-up වු පසු ඕනැම අවස්තාවක වුවද තම twitter ගිනුමේ මුරපදය email එක හරහා වෙනස් කිරිමට අවස්ථාව හිමිවෙයි.


ගූගල් සහ ඇපල් හරහා Sign-up වීමේ පහසුකම මගින් නව Twitter පරිශීලකයින්හට ඉතාමත් පහසුවෙන් ගිනුම් නිර්මාණය කිරිමට ද මෙමගින් අවස්ථාව සැලසේ. 

Top Post Ad

Below Post Ad