Pegasus යනු කුමක්ද? මෙන්න විසිතරේ.පොදුවේ Spyware මෘදුකාංග යනු අනිෂ්ට මෘදුකාංගයක් වන අතර එය ප්‍රහාරකයන්ට විවිධ උපාංගවලට ඇතුළු වීමට සහ ඔවුන්ගෙන් තොරතුරු සොරකම් කිරීමට උපකාරී වේ

2019 සිට ඊශ්‍රායල හැකර්වරුන් පෙගසස් නම් අති නවීන ඔත්තු බැලීමේ මෘදුකාංගය භාවිතා කරමින් ඉන්දියාවේ මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් පිළිබදව ඔත්තු බැලීම සිදුකර ඇත. මෙය තොරතුරු සොරකම් කල හැකි අතිශය බලවත් ජංගම දුරකතන Spyware එකකි. මෙම ලිපියෙන් පෙගසස් ඔත්තු මෘදුකාංග යනු කුමක්ද, එය කරන්නේ කුමක්ද, එය ඔබට බලපාන්නේ කෙසේද සහ තවත් බොහෝ දේ ගැන කතා කරනු ඇත.(full-width)



Pegasus Spyware යනු කුමක්ද?

පොදුවේ Spyware මෘදුකාංග යනු අනිෂ්ට මෘදුකාංගයක් වන අතර එය ප්‍රහාරකයන්ට විවිධ උපාංගවලට ඇතුළු වීමට සහ ඔවුන්ගෙන් තොරතුරු සොරකම් කිරීමට උපකාරී වේ. ඒ මගින් පුද්ගලික ලිපිගොනු, බැංකු ගිණුම් විස්තර, මුරපද, චැට්  සහ තවත් බොහෝ දේ ඔබගේ ජංගම දුරකතනයකින් හැකර්වරුන්ට ලබාගත හැකිය. බොහෝවිට  පරිශීලකයා අතින්ම මෙම ස්පයිවෙයාර් මෘදුකාංග උපාංගවලට එකතු කරගනු ලබයි.

NSO Group නැමැති ඊශ්රායල සමාගමක් විසින් නිපදවන ලද පෙගසස් මෘදුකාංගය ලොව පුරා රජයන් හට ඔත්තු බැලීම් සේවා සැපයීම සිදුකර ඇත. මෙහි අරමුණ වී ඇත්තේ සැක සහිත පුද්ගලයින් පිළිබදව ඔත්තු බැලීමේ සේවාවන් ලබාදීමයි. කෙසේ වෙතත් දැන් හෙලිවී ඇත්තේ ලොව පුරා රජයන් වරෙන්තු නොමැතිවම මෙම මෘදුකාංගය මගින් පුද්ගලයින්ගේ ඔත්තු බලා ඇති බවයි.

පෙගසස් ආසාදිත උපාංගවල දත්ත රජයන් සදහා ඔත්තු සපයයි.

පෙගසස් ඔබේ දුරකථනයට ආසාදනය කරන්නේ කෙසේද?

මෙම මෘදුකාංගය උපාංගවලට ඇතුලුවීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කර ඇත. compromised website link මත පුද්ගලයා රවටා ක්ලික් කරවීමට සැලැස්වීම. WhatsApp හී zero-day vulnerabilities හි දුර්වලතා උපයෝගී කරගනිමින් උපාංගයට ඇතුලුවීම සිදුකර ඇත.

IOS හි iMessage මත ඇතිවන zero-day vulnerabilities උපයෝගී කරගනිමින් IOS උපාංග වලත් ඔත්තු බැලීම් සිදුකර ඇත.

Top Post Ad

Below Post Ad