WhatsApp වෙත එකතුවීමට නියමිත අලුත් Features

WhatsApp භාවිතා කරන පාරිභෝගිකයන්  හට නුදුරේදීම එකම WhatsApp ගිණුම එකවර Devices කිහිපයක භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන බවත් Multi-device පහසුකම ගැනත්, WhatsApp හරහා යවන Content එකක් එකවරක් බැලූ පසු ස්වයංක්‍රීයව මැකීයන අයුරින් සකස්කළ හැකි පහසුකමක් ගැනත් Facebook සමාගමේ ප්‍රධානියා වන Mark Zuckerberg හා WhatsApp හි ප්‍රධානියා වන Will Cathcart විසින් wabetainfo සමඟ පැවති සංවාදයකදී සනාථ කර ඇති බව ඔවුන් අනාවරණය කර තිබෙනවා.

මෙම WhatsApp එක සඳහා එකවර Devices කිහිපයක් හා සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දෙනෙක්ට එකවර මතක් වන්නේ WhatsApp Web පහසුකම වන අතර නමුත් එය මෙය නොවන බවත්,මෙය අලුතින්ම  හදුන්වාදීමට බලාපොරොත්තු වන පහසුකමක් බවත් ඊට බොහෝ සෙයින් වෙනස් පහසුකමක් බවත් අනාවරණය කර තිබෙනවා.

Mark Zuckerberg සදහන් කර සිටින ආකාරයට Multi-device පහසුකම හරහා එක වර එකම WhatsApp ගිණුම Devices 4 ක භාවිතා කළ හැකි අතර මෙහිදී අනෙකුත් devices භාවිතා කිරීම සඳහා ප්‍රධාන Device එක අන්තර්ජාලය හා සම්බන්ධ වීම අවශ්‍ය නොවන බවත් ඔහු තව දුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම එකවර WhatsApp ගිණුම devices කිහිපයක භාවිතා කිරීමට අවශය පහසුකම ලබාදීමෙන් අනතුරුවද තව දුරටත් end-to-end Encryption පහසුකම වලංගු වන බවත් මෙම පහසුකම ලබාදීමේ දීමට තාක්ෂණික වශයෙන් ඔවුන්ට එය විශාල අභියෝගයක් වූ බවත් Mark Zuckerberg තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ලොව පුරා බිලියන 2ක් පමණ දෙනා භාවිතා කරන instant messaging service එකක් වන WhatsApp වලට ඉතා මෑතක දී  disappearing messages පහසුකමද හදුන්වා දී තිබෙනවා.

Disappearing messages පහසුකම නිළ වශයෙන් එළිදැක්වීමට WhatsApp ආයතනය කටයුතු කරන බවයි අනාවරණය වන්නේ.

Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම්වන බවත් හෙලි වී තිබෙනවා.

Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම්වන ලකුණු යම්කිසි message එකක් send කිරීමෙන් පසුව ස්ව්‍යංක්‍රීයව delete වනපහසුකමක් නිර්මාණය වන බවත් පවසනවා.

Disappearing messages පහසුකම තව දුරටත් දියුණු කරමින් කෙනෙක් තවත් කෙනෙකුට යවන Content එකක් එකවරක් නැරඔූ පසු එය නොපෙනී යා හැකි වන අයුරින් සකස් කල හැකි පහසුමක්ද හදුන්වාදීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම පහසුකම "View Once" නමින් හදුන්වන අතර මෙය නුදුරේදීම WhatsApp Beta සංස්කරණයට එකතු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.

(full-width)

Tags

Top Post Ad

Below Post Ad