iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහය ලබාදේ

මේ වනවිට Apple Music පරිශීලකයින් අතර වඩාත් ප්‍රචලිත පහසුකමක් වන Spatial Audio සහාය Apple සමාගම විසින් මෙම වසරේ පැවැති WWDC event එක අතරතුර, ද ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් හඳුන්වාදීමෙන් අනතුරුව බොහෝ පිරිසකගේ අවධානයට ලක්වු මෙම Spatial Audio පහසුකම මහින් 3D Surround එකක් වගේම Cinematic music experience ලබා ගැනිමට iPhone සහ iPad පරිශීලකයින් සඳහා උපකාරී වෙනවා.

එසේම apple සමාගම විසින් මෙම Spatial Audio sound තාක්ෂණය හඳුන්වා දෙනු ලැබුවේ ද iOS සහ iPad පරිශීලකයින් සඳහා පමණි,නමුත් මෙම තාක්ෂණය සදහා සහාය දක්වන්නේ in-build apple applications වන අතර මේ වනවිට Netflix හා අනෙකුත් streaming platform සඳහා ද සහය ලබාදීමට කටයුතු කරනු ලබයි.කෙසේ වෙතත් ඔබට Spatial Audio පහසුකම අත්විඳිය හැකි වන්නේ AirPods Pro සහ AirPods Max උපාංගයක් සමඟ භාවිතා කිරිමෙන් බවද තරයේ මතකයේ තබාගන්න.

Netflix ආයතනයේ ප්‍රකාශකයෙකු විසින් සඳහන් කර ඇති ආකාරයට iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහය ලබාදීමට කටයුතු කර ඇති බවට 9to5Mac වෙබ් අඩවිය පෙන්වා දෙයි.කෙසේ නමුත් apple Spatial Audio පහසුකම මගින් ඔබට ඉතා උසස් වින්දනයක් හා සිත් ඇදගන්නාසුළු surround sound ආචරණයකින් ඔබ සවන් දෙමින් සිටින දේ ගැන ඔබට වඩාත් ගිලී යන හැඟීමක් ඇති කිරීම සඳහාත් Spatial Audio පහසුකම මගින් සෑම විටම apple සමාගම බලාපොරොත්තු වන්නේ් ඔවුන්ගේ නිෂ්පාදන වන AirPods Pro , AirPods Max සහ iPhone , iPad යන devices සඳහා වඩාත් වටිනාකමක් ලබාදීම සඳහාය.

Apple Spatial Audio
iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහය ලබාදේ

එමෙන්ම netflix හෝ වෙනත් streaming plarform සඳහාත් මෙම Spatial Audio පහසුකම වඩාත් ඵලදායි වන අතර මෙමගින් සිනමා ශාලාවකට සමාන අත්දැකීමක් ලබා ගැනිමට පුලුවන්.නමුත් ඔබට surround sound experience ලබාගැනිමට apple AirPods Pro හෝ AirPods Max උපාංගයක් අවශය වේ.

ඔබට Netflix app එක ඔස්සේ මෙම Spatial Audio පහසුකම අත්විඳීම සදහා ඔබගේ netflix app එක latest Version එකට යාවත්කාලීන කර තිබිය යුතු වෙනවා.තවමත් මෙම පහසුකම ලබාදී නොමැති අතර මේ වනවිට Netflix App එක සඳහා Spatial Audio සහය ලබාදීමට Netflix ආයතනය කටයුතු කරනු ලබයි. ඒ වගේම ඔබගේ iPhone , iPad Device එකෙහි OS එක  IOS 14 හෝ ර්‍ර්ට වැඩි විය යුතු වෙනවා.

ඔබට Netflix app එක තුළ මෙම Spatial Audio පහසුකම enable කරගැනීමට Control Center හි Spatial Audio සදහා වෙනම toggle එකක් දැකගත හැකි වන අතර මෙමගින් ඔබට Netflix ඇතුලු Spatial Audio සඳහා සහය දක්වන ඕනැම platform එකක් මගින් මෙම පහසුකම අත්විඳීමට හැකි වනවා.

තවද ඔබට අවශය වන පරිදි මෙම spatial audio පහසුකම disable  කිරීමට ද ඉහත පෙන්වා දී තිබෙන toggle එක මගින් හැකියාව ලැබෙනවා.Apple සමාගම සැලසුම් කර ඇති අකාරයට මෙම නව පහසුකම කාලසටහනකට අනුව update එකක් ලෙස ලබාදීමට තීරණය කර ඇත.

ඉදිරි දිනකදී  ඇපල් සමාගම විසින් macOS හා tvOS සඳහා ද spatial audio පහසුකම එකතු කිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.

Tags

Top Post Ad

Below Post Ad